ස්වයං විනය සහ නිවැරැදි පැවැත්මෙන්සි ටිය යුතුයි | දිනමිණ

ස්වයං විනය සහ නිවැරැදි පැවැත්මෙන්සි ටිය යුතුයි

එළිසබෙත් මහ රැජිණ

 කොරෝනා වසංගතය පවතිද්දී ස්වයං විනය සහ නිවැරැදි පැවැත්මෙන් සිටිය යුතු යැයි ඊයේ ජාතිය ඇමැතූ බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිණ පැවැසුවාය. මේ අර්බුදකාරී අවස්ථාවේ බ්‍රිතාන්‍යයන් විඳින දුක්දොම්නස්, වේදනාවන් සහ මූල්‍ය අපහසුතාවන් ගැන තමන් කණගාටු වන බව ද ඇය මෙහිදී කීවාය.

ජාතික සෞඛ්‍ය සේවයේ සියලුම වෘත්තිකයින් සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරත සේවකයින් සියලු දෙනා ඉටු කරන වගකීම ගැනද ඇයගේ ප්‍රශංසාව හිමි විය. මේ අර්බුද සමයේ තම තමන් කටයුතු කළ ආකාරය ගැන එළැඹෙන කාලයේ දී දවසක ආඩම්බර වීමට මේ අයට හැකි වන බව ද ඇය වැඩිදුරටත් කීවාය. එරට සියලුම රූපවාහිනී, ගුවන් විදුලි සහ බොහොමයක් සමාජ මාධ්‍යවල මහ රැජිණ ජාතික අමතා කළ මේ කතාව විකාශය වීමට කටයුතු යොදා තිබිණි.

 

නව අදහස දක්වන්න