ප්‍රංසයේ පිහි ප්‍රහාරයකින්දෙ දෙනෙක් මරුට | දිනමිණ


 

ප්‍රංසයේ පිහි ප්‍රහාරයකින්දෙ දෙනෙක් මරුට

ගිණිකොණ දිග ප්‍රංසයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් පස්දෙනකු තුවාල ලබා ඇති බව එරට ස්වදේශ කටයුතු ඇමැති පවසයි. සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරන්නේ දුම්කොළ නිෂ්පාදන අලෙවිකරුවකුගේ සාප්පුවකට ඇතුළු වී ඇති ඝාතකයා එහි හිමිකරුට සහ පාරිභෝගිකයකුට තියුණු ආයුධයකින් ඇනගෙන ගොස් ඇති බවයි. සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් යැයි ඇමැති ක්‍රිස්ටෝපර් කැස්ටනර් වැඩිදුරටත් කියයි.

ග්‍රෙනෝබල් අසල රෝමන්ස් සුර් ඉසේරේ නම් ප්‍රදේශයක මේ සිද්ධිය වී තිබේ. මේ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පෙර තවත් සාප්පු දෙකකට සහ මහමඟ සිටි පිරිසකට ද පහර දී ඇත. සැකකරු ප්‍රදේශයේ ජීවත් වන 30 හැවිරිදි සුඩාන ජාතික සරණාගතයකු යැයි නීති අංශ අනාවරණය කරයි. ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට පත් වන විට ඔහු මහමඟ දණ ගසා ගෙන අරාබි බසින් යාඤා කරමින් සිට ඇත.

 

නව අදහස දක්වන්න