අමෙරිකානු ජනාධිපතිගෙන් මෝදිට ආයාචනයක් | දිනමිණ


 

අමෙරිකානු ජනාධිපතිගෙන් මෝදිට ආයාචනයක්

අමෙරිකාව ඉන්දියාවෙන් ඇනවුම් කළ මැලේරියා මර්දන හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් තොගයක් මුදාහරින ලෙස ඉන්දීය අගමැති මෝදිගෙන් තමන් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. අමෙරිකාව මේ ඇනවුම සිදු කර ඇත්තේ ඉන්දියාව එම ඖෂධය අපනයනය කිරීම තහනම් කිරීමෙන් අනතුරුව වීම මෙයට හේතුවී ඇත.

ඉන්දියාව ඉතාම විශාල වශයෙන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් නිෂ්පාදන කරන අතර මේ කළ ඉල්ලීම ගැන සුබ ප්‍රතිචාර දක්වනු ඇතැයි ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා ඇත.

 

නව අදහස දක්වන්න