චීනයේ විනාඩි 3ක නිශ්ශබ්දතාවක් | දිනමිණ


 

චීනයේ විනාඩි 3ක නිශ්ශබ්දතාවක්

කොරෝනා වෛරසයෙන් මියගිය 3,300ක් වූ තම පුරවැසියන්ට ආචාරය පුදකරමින් මුළු චීනයම පසුගියදා විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පළ කළහ. ඉකුත් සෙනසුරාදා (04දා) එරට වෙලාවෙන් පෙ.ව. 10.00ට පැවැති මේ කටයුත්තට මුළු ජාතියම එකාවන්ව සීරුවෙන් සිට බව එරට වාර්තා සඳහන් කරයි.

ජාතික කොඩි අඩකුඹු කර තිබූ මේ අවස්ථාවෙන් අනතුරුව කාර් රථ, දුම්රිය සහ නැව්වලින් නලා නාදය පිටකර ඇත. වසංගතයේ අපිකේන්ද්‍රය වන වූහාන්වල සියලුම මාර්ග සංඥා රතු පැහැයට හරවා සියලුම වාහන නතර කර ගෞරවය පුදකර තිබේ.

 

නව අදහස දක්වන්න