අනුරාධපුර බන්ධනාගාරයට කුඩු ගෙන ගිය ජේලර්වරයා අත්අඩංගුවට | දිනමිණ


 

අනුරාධපුර බන්ධනාගාරයට කුඩු ගෙන ගිය ජේලර්වරයා අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගරයේ රඳවා සිටින සැකකරුවෙකුට ලබාදීමට හෙරොයින් පාර්සලයක් රැගෙන සඟවාගෙන බන්ධනාගාරයට ඇතුළු වී සිටි එම බන්ධනාගාරයේ ම සේවයේ නිරත ජේලර්වරයෙක්ව පෙරේදා (05) සවස අත්අඩංගුවට ගෙන තිබේ.


එම ජේලර්වර්යාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා බව අනුරාධපුර පොලීසිය සදහන් කරයි.

එසේ බන්ධනාගාර රැඳවියෙකුට ලබාදීමට මත්කුඩු පාර්සලයක් රැගෙන ගොස් අත්අඩංගුවට පත් එම ජේලර්වරයා බන්ධනාගාර සේවයට පැමිණ එතරම් කාලයක් නොවන බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය. 24 වියැති එම ජේලර්වරයා නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න