පමුණුගමදී අත්අඩංගුවට ගත් සැකකරුට කොරෝනා? | දිනමිණ


 

පමුණුගමදී අත්අඩංගුවට ගත් සැකකරුට කොරෝනා?

30ක් පොලිස් ස්ථානයේම ස්වයං නිරෝධායනයට

පමුණුගම දෑල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවට වූ සැකයක් මත පමුණුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 30 දෙනෙක් පොලිස් ස්ථානය තුළම ස්යං නිරෝධායනයට ලක්කර ඇතැයි පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත්රෝහණ මහතා සදහන් කළේය.

මෙම සැකකරු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙකි. ඔහු ප්‍රාෙද්ශීය සභාවක මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ඇතුළු වී සොරකමකට සූදානම් වූ අවස්තාවේදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්ය. සැකකරුව අල්ලා පොලීසියට භාරදී ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසකි. එහිදී ඔහු තුවාල තබා සිටි සිටි බැවින් පමුණුගම රෝහලට ඇතුලත් කර තිබේ. වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව පමුණුගම රෝහල විසින් රාගම රෝහලට මාරුකර යවා ඇත. කොවිඩ් 19 වෛරසය ආසාධනය වීමේ ලක්ෂණ ඔහුගෙන් පෙන්නුම්කරන බව හදුනාගෙන ඇත්තේ රාගම රෝහලේ වෛද්‍යවරුන්ය.

ඒ සම්බන්දයෙන් කළ වෛද්‍ය පරීක්ෂණ වලින් මෙම මත්කුඩුලෝලියාට කොවිඩ් 19 වෛරසය වැලදී ඇතැයි තහවුරු වී ඇති බව සදහන් වූවත් අජිත් රෝහණ මහතා සදහන් කරනු ලැබුවේ ඒ ගැන තමන් තවමත් දැනුවත් නොමැති බවය. පමුණුගම පොලිස් ස්තානය අධික්ෂණය කරනු ලබන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන්ද ඒ ගැන කළ විමසුමකදී ඔහුද සදහන් කරනු ලැබුවේ සැකකරුට වෛරසය ආසාධනය වීමක් ගැන තමන් නිසි ලෙස දැනුවත් වී නැතිබවය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න