ප්‍රවීණ කලාකරු ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනී | දිනමිණ


 

ප්‍රවීණ කලාකරු ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනී

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු ගායකයකු හා හඬ කැවීම් ශිල්පියකු වූ ජයන්ත රත්නායක මහතා (51) ඊයේ (06) අභාවප්‍රාප්ත විය.

ඒ මහතා මෙරට සිටින ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ සංගීතඥයකු හා ගායන ශිල්පියකු වන වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වේ. රෝගී තත්ත්වයක් මත කලක සිට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා හදිසියේ මෙසේ මිය ගියේය.

රජන්ත මියැසිය යන සංගීත කණ්ඩායම ඔස්සේ සිය සංගීත දිවිය ආරම්භ කළ ජයන්ත රත්නායක මහතා පසුව සිහශක්ති සංගීත කණ්ඩායමේ ද කටයුතු කළ අතර ටෙලිනාට්‍ය හා චිත්‍රපට කිහිපයක ද සංගීත අධ්‍යක්ෂණය කරමින් ගීත ගායනයේ ද යෙදී ඇත.

ජාතික රූපවාහිනියේ හඬකැවීම් වැඩසටහන්වලට ද සිය දායකත්වය ලබා දී ඇති ජයනත් රත්නායක මහතා දක්ෂ ඕගන් වාදකයෙක් ලෙස ප්‍රචලිතය. ඒ මහතා අංක 32/5 මිහිදු මාවත, මාලබේ යන ලිපිනයේ පදිංචි වී සිටි අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

නව අදහස දක්වන්න