කොරෝනා ආසාදිතයන් 38ක් සුවය ලබයි | දිනමිණ


 

කොරෝනා ආසාදිතයන් 38ක් සුවය ලබයි

සන්ධ්‍යා කරුණාරත්න

මුළු ආසාදිතයන් ගණන 178යි

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ඊයේ (06) සවස වන විට 178 ක් ලෙස වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. පසුගිය පැය 24 තුළ වෛරසය වැළඳුණු අලුතින් පුද්ගලයන් 10 ක් හඳුනා ගැනීමත් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාව 178 වී ඇති අතර පසුගිය පැය 24 තුළ පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 5 ක් රෝහල්වලින් පිටව යාමත් සමඟ මේ වන විට වෛරසය ආසාදිත පුද්ගලයන් 38 ක් සුවය ලබා ඇතැයි ද එම අංශය සඳහන් කරයි.

 වෛරසය ශරීරගත වී ඇති බවට තහවුරු කළ රෝගීන් 137 ක් රෝහල්වල මේ වන විට ප්‍රතිකාර ලබන බවත් වෛරසය ශරීරගත වී ඇති බවට සැක සහිත පුද්ගලයන් 257 ක් රෝහල්වල වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

අවුරුදු සතිය තුළදි වෛරසය ආසාදිතයන් 250 ක් දක්වා ඉහළ යාමට හැකි බවට ඇස්තමේන්තු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය. ඉදිරි කාලයේදි වෛරසය සම්බන්ධව පවතින පරීක්ෂණ වැඩි කිරීමේ සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු බව ද අමාත්‍යාංශය පවසයි.

නව අදහස දක්වන්න