පාලන මිල ඉක්මවා සැමන්, පරිප්පු විකිණූ 33ක් මාට්ටු | දිනමිණ


 

පාලන මිල ඉක්මවා සැමන්, පරිප්පු විකිණූ 33ක් මාට්ටු

සුභාෂිණී සේනානායක

පාලන මිලට වඩා පරිප්පු, ටින් මාළු අලෙවි කළ වෙළෙඳුන් 33 දෙනකු ඊයේ (06) සහ පෙරේදා (05) කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික අධිකාරිය මඟින් නීතියේ රැහැනට හසුකර ගන්නා ලදි.

රුපියල් 65ට අලෙවි කරන පරිප්පු කිලෝව රුපියල් 140ට සහ රුපියල් 165ට අලෙවි කර ඇති අතර රුපියල් 100ක් වන ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 205 සිට 256 දක්වා මෙම වෙළෙඳුන් විසින් වැඩි මිලට අලෙවි කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ ඒ ජසුල් මහතා පැවසීය.

පිටකොටුව, නාරාහේන්පිට, බම්බලපිටිය, කොල්ලුපිටිය, මොරටුව, රත්මලාන සහ මහරගම යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී අල්ලා ගත් මෙම වෙළෙඳුන් 33 දෙනාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න