තිහගොඩ සතොස ගබඩා සහායකගේ නිවසෙන් සැමන් හා පරිප්පු තොගයක් අත්අඩංගුවට | දිනමිණ


 

තිහගොඩ සතොස ගබඩා සහායකගේ නිවසෙන් සැමන් හා පරිප්පු තොගයක් අත්අඩංගුවට

තිහගොඩ සතොස ශාඛාවේ ගබඩා සහායක ලෙස සේවය කරන පුද්ගලයාගේ නිවසේ තිබි සැමන් ටින් හා පරිප්පු තොගයක් අත් අඩංගුවට ගැනිමට පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් ඊයේ (06) උදැසන සමත් විය.

සැකකාර සේවකයා මාතර මිදෙල්ලෙවිල ප්‍රදේශයේ සිල්ලර වෙළද සැලැක් පවත්වා ගෙන යනු ලබන අතර මෙම සැමන් ටින් ඒම වෙළද සැලේ අලෙවි කිරිම සදහා නිවසේ ගබඩා කර තිඛෙන බවට පාරිභෝගික සේවා අධිකාරියට ලද පැමිණිල්ලක්ට අනුව මෙම වැටලිම සිදුකර ඇත.

පාරිභොගික අධිකාරියේ නිළධාරීන් ප්‍රථමයෙන් සැකකරු පදිංචිව සිටින මාතර ගල්බොඩ ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරිමට ක්‍රියා කල අතර ඒම අවස්ථාවේ ඒම නිවසේ ගබඩා සහයකගේ පියා පමණක් සිටි අතර නිවසයේ සාලයේ පොර උරයකින් වසා පරිප්පු ද නිදන කාමරයේ මුල්ලක සැමන් ටින්ද සගවා තිබියදි නිලධාරීන් විසින සොයාගත්හ. සැකරුගේ පියාගෙන් සිදු කල ප්‍රශ්න කිරිම් වලදි අනාවරණයවී ඇත්තේ තිහගොඩ සතොස ශාඛාවේ සිට මෙම බඩු තම පුතා විසින් මීට දවස් තුනකට පෙර රැගෙන ආවේ ඔහුට අයත් සිල්ලර වෙළද සැලේ අලෙවි කිරිමට බවයි.

ඒ අනුව නිලධාරින් පිරිසක් නිවසේ තබා තවත් නිළධාරින් පිරිසක් මෙම සැකකරු හක්මණ, මාතර පාරේ මිදෙල්ලවේල ප්‍රදේශයේ පවත්වාගෙන යන සිල්ලර වෙළද සැලට ගොස් පරික්ෂා කිරිමට කටයුතු කර ඇත. එහිදී එක් නිළධාරියෙකු උපාය දුතයෙකු සේ සැමන් ටින් මිලදි ගැනිමට වෙළද සැලට යාමේදි සැමන් ටින් නොමැති බවට ඒම අවස්ථාවේ වෙළසැලේ සිටි සැකකරුගේ බිරිද ප්‍රකාශ කර ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වු නිලධාරින් වෙළදැසල ඇතුලත පරික්ෂා කිරිමේදි වෙළද සැලේ පසු පස කොටසේ සඟවා තිබු සැමන් ටින් තවත් තොගයක් සොයා ගැනිම සමත්විය.

එහිදී සැකකරුගේ බිරිද කියා සිටියේ තම මවගේ දානය සදහා මෙම සැමන් ටින් මේලෙස වෙළද සැල තුල තබා තිබු බවයි. එම අවස්ථාවේදි මෙම ස්ථානයට පැමිණි සැකකරු කියා සිටියේ තමා අඩු මිලට ගමතුල භාණ්ඩ අලෙවි කිරිමට සිතා සිටිනා බවත් ඒම පාර්සල් වලට යෙදිම සදහා තමන් මෙම සැමන් ටින් තමා සේවය කරනු ලබන තිහගොඩ සතොස ශඛාවෙන් මිලට ගත් බවයි. නිලධාරින් විසින් ඒවා මිලදි ගත් රිසිට් පත් ඉදිරිපක් කරන ලෙස කියා සිටි අතර ඒවා ඉදිරිපත් කිරිමට අපොහොසත් විම හේතුවෙන් ඔහුගේ නිවසේ හා වෙළද සැලේ ගබඩා කර තිබු සැමන් ටින් හා පරිප්පු තොගය පාරිභෝගිකසේවා අධිකාරියේ භාරයට ගනු ලැබීය.

තිහගොඩ සතොස ශඛාවේ කළමණාකරියගෙන් නිළධාරින් සිදු කල ප්‍රශ්න කිරිම් වලදි ඇය කියා සිටියේ රජය විසින් මිල අඩු කිරිමට ප්‍රථම මොහුට සැමන් ටින් ලබා දිමට කටයුතු කල බවත් මේ වන විට පාරිභෝගිකයින්ට ලබා දිමටවත් ප්‍රමාණවත් සැමන් තොග අලෙවි සැල වෙත මේවර ලබා නොදුන් හෙයින් මැතකදි එලෙස සැමන් ටින් සැකකරුට ලබා නොදුන් බවයි.

සැකකරුට විරුද්ධව ඉදිරියේදි මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි නඩු පැවරීමට කටයුතු කරනා බවත් පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාල ප්‍රධානි ඩි. ජි. ඩබ්ලිව්. ලක්මාන් මහතා පැවසීය.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

 

නව අදහස දක්වන්න