ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පරමාදර්ශ ය | දිනමිණ


 

ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පරමාදර්ශ ය

කොරෝනා වසංගයකි.මුලින් නව කොරෝනා ලෙස හැදින්වූ මෙම වසංගතයට මුල් වූ වෛරසය දැන් හදුන්වන්නේ කෝවිඩ් 19 ලෙසය.මේ වෛරසය මාරන්තිකය.එයට ගොදුරු වන්නන් පිරිසක් බරපතළ ලෙස රෝගී වෙති, තවත් අය මිය යති.ඒ නිසා මේ වෛරසය ගැන වැඩි දුරටත් සදහන් කිරීමෙන් වැඩක් නැත. රජය මාසයක් පුරා ගෙනයන පැසසිය හැකි උපායශීලී වසංගත මර්දනය නිසා තව මාස කිහිපයක් ඇතුළත අපට මේ වසංගතය ජය ගත හැකිය.එහෙත් වසංගතය ජයගත් පමණින් අපට අනාගතය ආලෝකමත් යැයි නිරවුල් යැයි සදහන් කළ නොහැකිය.

වසංගතයෙන් පසු ජය ගත යුතු ආර්ථික අභියෝග රැසකි.ලොව පුරා ඇතිව ඇති තත්වය නිසා ආනයන අපනයන කටයුතු බොහෝ දුරට සීමා වීම නොවැලක්විය හැකිය. එනිසා එම අනාගත අභියෝග ජයගත යුතුය .ඒ සදහා රජය මැදහත් වීම අනිවාර්ය වන අතර මහජන සභාගීත්වයද අනිවාර්ය වේ. ආනයනය සීමිත වීම තුළ රට තුළ ආහාර නිපදවීමේ ක්‍රමයක් ඇති කළ යුතුය .ඒ සදහා රජය මැදහත් විය යුතු අතර මහජන සහායද ලැබිය යුතුය.

ඇතිවිය හැකි තත්වය ජය ගැනීමට මැදිහත් වීමට කිසිවකු අක්කර දෙක තුන හිමි ගැමියන් විය යුතු හෝ ගොවියන්ම විය යුතු හෝ නැත.නාගරිකව ඇති පර්චස් අට දහය තරම් සීමිත ඉඩ ප්‍රමාණය වුවද ඒ සඳහා ප්‍රමාණවත්‍ ය.එයට අවශ්‍ය වන්නේ ඕනෑකම පමණි. මෙහිදී තවත් පිරිසක් නඟන තර්කයක් විය හැක්කේ ,,කෝ අපිට වෙලාව,, යන්නයි .

එය එසේ නොවන බවට හොදම උදාහරණය පූර්ණ කාලීනව දේශපාලනය කරන හිටපු රාජ්‍ය ඇමතිනිය් සහ වෛද්‍යවරියක ද වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.මහජන සේවය වෛද්‍ය සේවය යන සියලු කාර්ය බහුලතා මැද ඇය සාර්ථක ගෙවතුවගාවක් ද පවත්වාගෙන යන්නීය.ඇයගේ ගෙවත්තේද ඇත්තේ සීමිත ඉඩකි.එහෙත් කාලය සහ සීමිත ඉඩ යන අභියෝග දෙකම ජය ගැනීමට ඇයට පුළුවන් වී ඇත. වම්බටු, බණ්ඩක්කා ඇතුළු පහත රට එළවලු රැසක් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් වගා කරන අතර එහි අස්වැන්න ඇය නෙළාගෙන අවසන්‍ ය. ඒ ගැන සිය මුහුණුපොතේ සටහනක් තබන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරන්නේ මෙවැන්නකි.

,මම මේ වැඩේ පටන් ගත්තෙ විනෝදාංශයක් විදහට..අපගේ නිවෙසේ පාරිභෝජනය සදහා මේ අස්වැන්න ලබා ගන්නව..වස විසෙන් තොර ආහාර විදිහට අපිට මේ ආහාර ගන්න පුළුවන් වීම ලොකු දෙයක්.ඒ වගේම රටේ පවතින තත්වය යටතේ මේ අස්වැන්න අපට ලොකු දෙයක්..,,, ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගේ මේ ආදර්ශය අතිශය වැදගත්‍ ය.මේ තත්වය වැඩි වර්ධනය කර ජනතා උනන්දුව ඉහළ දැමීමට රජය වැඩපිළිවෙළක් ඇති කිරීම ද අගනේය.දැන් මුළු රටම අනාගතයේදී ඇතිවිය හැකි අභියෝග වටහා ගෙන තමන් සතුව ඇති සෑම බිම් අඟලක්ම වගා කළ යුතුය.

ඩොලරයට රුපියල අවප්‍රමාණය වීමේ තත්වය යටතේ ඇතිවිය හැකි ආර්ථික අවුල නිරාකරණයටද මෙවැනි ගෙවතු වගා ක්‍රම ඇතිකිරීම වැදගත් සාධකයකි. මේ දේ සදහා ආදර්ශය රටට ලබා දිය හැක්කේ පොඩි මිනිසුන්ට පමණක් වගා කරන්නට කියා ඉහළ පැලැන්තිය නිකම් බලා සිටීමෙන් නොව ඔවුන්ද ක්‍රියාකාරීව මෙයට දායක්ත්වය ලබා දීමෙනි.ඒ සදහා හොද ඇරැඹුමක් රජයේ ප්‍රධානින් පසුගිය දා ගත් අතර එය වඩාත් සාර්ථක වීමට ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැනි කටයුත්ත ගැන අවංක කැපවීමක් සැම තුළ ඇති විය යුතුය.

සටහන
උදිත ගුණවර්ධන

නව අදහස දක්වන්න