රෝගය පතුරවන්නන්ගේ දේපළ රාජසන්තක කරන්න | දිනමිණ

රෝගය පතුරවන්නන්ගේ දේපළ රාජසන්තක කරන්න

එල්ලාවල මේධානන්ද නාහිමියෝ රජයට කියති

කොරෝනා ⁣රෝග ලක්ෂණ ඇති බව දැන දැනත් එය සෞඛ්‍ය අංශවලට නොදන්වා සඟවා ගෙන සිටින අයගේ හා නිනිරෝධානයට පිටුපාන අයගේ දේපළ රාජසන්තක කිරිමට වහා පියවර ගත යුතුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති.

රට භයානක අර්බුදයක තිබියදි වුවත් ඇතැම් පිරිස් සෞඛ්‍ය අංශවල උපදෙස් නොතකා තවමත් හිතුවක්කාර අන්දමින් හැසිරෙන බව පෙනෙන්නට තිබෙන බැවින් ඒ සෑම කෙනෙකුට නිසි දඬුවම් පැම්ණවිය යුතුව අතැයිද මේධානන්ද නාහිම්යෝ අවධාරණය කරති

ලොව බලවත්ම රටවල් පවා කොරෝනා වෛරසයට සීග්‍රලෙස ගොදුරුවෙමින් තිබෙන මේ අවස්ථාවේදි අපේ රටේ සමහර ජනතාව සෞඛ්‍ය අංශ දෙන උපදෙස් නිසි ලෙස නොපිළිගැනිම කනගාටුවක්.නිරෝධායනයට උපදෙස් දුන්ව්ට ඇතැම් පිරිස් කලහාකාරි ලෙස හැසිරෙනවා.ඇතැමුන් ඒ උපදෙස් පිළිපදින්නේ නැ.⁣රෝගය සමග සටන් කරන ගමන් අපේ සෞඛ්‍ය අංශවලට ඒ වගේ මෝඩ මිනිස්සුන් සමගත් දැන් සටන් කරන්න වෙලා.ඇදිරි නීතිය දමා තිබියදි වාහනවලින් අනවශ්‍ය ලෙස ගමන් ගන්නා අයගේ වාහන සියල්ල රාජසන්තක කළයුතුයි.එසේ නැතිව මේ ප්‍රශ්නය විසදන්න බැහැ.

එසේම රෝග ලක්ෂණ පහළව තිබියදි යම් කිසි පිරිසක් එම ⁣⁣රෝගය සමාජය තුළ පැතිරවීම උත්සහ කරන්නේද යන්න ගැනද රජය මේ අවස්ථාවේදි සොයා බැලිය යුතුය.

මෙවන් අර්බුදකාරි අවස්ථාවක රජයක් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග අගය කළ හැකියි.එසේම මේ අවස්ථාවේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නොවුනානම් මුළු රටම ⁣කොරෝනා වෛරසයට ගොදුරු විම වළක්වා ලිය නොහැකි යැයිද එල්ලාවල මේධානන්ද නාහිමියෝ වැඩිදුරටත් පැවසුහ.

නව අදහස දක්වන්න