බ්‍රිතාන්‍ය අගමැති රොහල් ගත වෙයි | දිනමිණ

බ්‍රිතාන්‍ය අගමැති රොහල් ගත වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වූ බ්‍රිතාන්‍ය අගමැති දින 10කට පසු විවේකීව ගත කිරීම සඳහා රෝහලට ඇතුළත් වී ඇතැයි ඩවුනින් වීදියේ ආරංචි මාර්ග පවසයි.

උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා මෙසේ ලන්ඩන් රෝහල වෙත ගෙන ගොස් ඇත. කෙසේ වෙතත් මේ පියවර ගෙන ඇත්තේ වෛද්‍ය උපදෙස් මත ආරක්ෂක පියවරක් ලෙසය. අගමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස තවමත් සලකන අතර කොරෝනා කමිටුවේ රැසවීම්වල දී ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ විදේශ ලේකම්වරයාය.

 

නව අදහස දක්වන්න