සිංගප්පූරු ශ්‍රමිකයන් 20,000ක් නවාතැන්වලම ස්වයං නිරෝධානයට | දිනමිණ

සිංගප්පූරු ශ්‍රමිකයන් 20,000ක් නවාතැන්වලම ස්වයං නිරෝධානයට

සිංගප්පූරුවේ සේවයේ නිරත විදේශ ශ්‍රමිකයන් 20,000කට තම නවාතැන්වලම දින 14ක් ස්වයං නිරෝධානයේ යෙදෙන ලෙස එරට බලධාරීහු නියම කර ඇත. සේවකයින් 13,000ක් සිටින එයින් 63 දෙනකුට ආසාදනය සිදුවූ පරිශ්‍රයක් සහ 6,800ක් සේවකයින් සිටින 28 දෙනකුට රෝගය ආසාදනය වූ පරිශ්‍රයක් හුදෙකලා කර තිබේ.

මේ පරිශ්‍රයන් දකුණු ආසියාවෙන් පැමිණ ඉදිකිරීමේ කර්මාන්තයේ නිරත සේවකයින්ට නිවහන් වී තිබේ. ශ්‍රමිකයන්ට වැටුප් ගෙවන අතර වේල් තුනම ආහාර සපයන නමුත් පරිශ්‍රය ඉඩ මදි බවත් පිරිසුදුකමින් තොර බවත් ඇතැම් අය චෝදනා නඟති. පුන්ගෝල්වල එස්11 නේවාසික පරිශ්‍රය සහ වෙස්ලයිට් ටෝහ් ගුවාන් නේවාසික පරිශ්‍රය මෙසේ වසා දමා ඇත.

නව අදහස දක්වන්න