මහ හඬින් කතා කළැයි 5 දෙනකු මරා දාලා | දිනමිණ


 

මහ හඬින් කතා කළැයි 5 දෙනකු මරා දාලා

සවස් භාගයේ තම නිවස ඉදිරිපිට මහ හඬින් කතා කරමින් සිටියේ යැයි කියමින් රුසියානුවකු පුද්ගලයින් 5 දෙනකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලීසිය පවසන පරිදි මොස්කව් අගනුවර සිට කිලෝ මීටර් 200ක් ගිණිකොණ දෙසට වන්නට පිහිටා ඇති රයාන්සාන් කලාපයේ යෙලැට්මා නම් ගම්මානයක මේ සිදුවීම වී ඇත.

කොරෝනා වෛරසය නිසා මේ ප්‍රදේශය වසා දමා තිබියදී මේ සිද්ධිය වී තිබේ. පොලීසිය අනාවරණය කරන්නේ තම සඳළුතලයේ සිට මෙම පුද්ගලයින් සමඟ බහින් බස් වී ඇති සැකකරු අනතුරුව දඩයම් තුවක්කුවකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරයට ලක් වූ පිරිමි සිව්දෙනකු සහ කාන්තාවක එතැනම මියගොස් ඇත.
 

නව අදහස දක්වන්න