මෝදි කළ ඉල්ලීමට අනුව ඉන්දියාව ආලෝකමත් වෙයි | දිනමිණ


 

මෝදි කළ ඉල්ලීමට අනුව ඉන්දියාව ආලෝකමත් වෙයි

කොරෝනා වෛරස් අර්බුදය නිසා පැතිර ඇති “අන්ධකාරයට අභියෝග කරන්න” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආයාචනයට ප්‍රතිචාර වශයෙන් එරට මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් විදුලි පහන් නිවා දමා ලාම්පු, ඉටිපන්දම් සහ විදුලි පන්දම් දල්වා බැල්කනි සහ දොරකඩ ආලෝකමත් කළහ.
 
මාර්තු 25 සිට සති තුනක රටපුරා අගුලු දමා ඇති අවස්ථාවක මෝදි අගමැතිවරයා සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ පසුගිය ඉරිදා රාත්‍රී 9 ට මිනිත්තු නවයක් විදුලි පහන් නිවා දමන ලෙසත්, සහයෝගීතාවයෙන් පහන් සහ ඉටිපන්දම් ප්‍රදර්ශනය කරන ලෙසත්ය.
 
අගමැතිවරයාගේ මෙම ඉල්ලීමට විශාල ප්‍රතිචාරයක් ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 
 
බොහෝ අය ඔවුන්ගේ බැල්කනි ආලෝකවත් කළහ. තවත් සමහරු ගිනිකෙළි පත්තු කර ඇති අතර ඇතැමුන් සංගීත භාණ්ඩ වාදනය කරමින් දේශප්‍රේමී ගීත ගායනා කර තිබුනි. ඇතැම් නිවැසියන් ඔවුන්ගේ ජංගම දුරකථනවල විදුලි පන්දම ක්‍රියාත්මක කළහ.
 
නිවැසියන් "ඉන්දියාවේ ආයුබෝවන්" සහ "ගෝ කොරෝනා" යනුවෙන් කෑ ගැසූහ. 
 
"ඝෘණාත්මක හැඟීම් විනාශ කරන සුබදායකත්වය, සෞඛ්‍යය සහ සමෘද්ධිය ගෙන එන පහන් ආලෝකයට ආචාර කරන්න" යනුවෙන් අගමැති මෝදි සංස්කෘත භාෂාවෙන් ට්විටර් සදහන් කර තිබුනි. 
 

නව අදහස දක්වන්න