චීනයෙන් ප්‍රථම වරට ගෙවුනු පැය 24 කිසිදු කොරෝනා මරණයක් නැහැ | දිනමිණ


 

චීනයෙන් ප්‍රථම වරට ගෙවුනු පැය 24 කිසිදු කොරෝනා මරණයක් නැහැ

චීනයෙන් ගතවූ පැය 24තුළ කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව විදෙස් මාධ්‍ය අද(07) වාර්තා කර ඇත. 
 
කොරෝනා වෛරසය ආරම්භ වුයේ චීනයේ වුහාන් ප්‍රන්තයෙනි. චීනයේ මේ වනවිට  කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 3,335ක් වාර්තා වී තිබේ. 
ආසාදිතයන් ගණන  82,697කි. 
 
එසේම එරට ජාතික සෞඛ්‍ය කොමිසම පැවසුවේ තහවුරු කළ රෝගීන් 32 ක් පසුගිය සඳුදාවන විට පහත බැස ඇති බවයි. ඔවුන් ද විදේශයන්හී සිට චීනයට පැමිණි පිරිස් බව සදහන් වේ. 
 

නව අදහස දක්වන්න