නවසීලන්ත සෞඛ්‍ය ඇමැති ස්වයං විවේචනයක | දිනමිණ

නවසීලන්ත සෞඛ්‍ය ඇමැති ස්වයං විවේචනයක

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රට වසා දමා තිබිය දී පවුලේ අය සමඟ මුහුදු වෙරළේ විනෝද සවාරියක නිරත වූ තමන් අමනයෙකැයි නවසීලන්තයේ සෞඛ්‍ය ඇමැති කියයි. ඩේවිඩ් ක්ලාක් කිලෝ මීටර් 20ක් වාහනයකින් ගමන් කර මුහුදු වෙරළට පැමිණ මෙසේ විනෝදවීම පැහැදිලිවම වසා දැමීමේ නීතිය උල්ලංඝනය කිරීමක් යැයි පැවැසේ. ඇමැතිවරයා නිවස පිහිටි ඩන්ඩින් සිට ඩොක්ටර්ස් පොයින්ට් මුහුදු වෙරළ ප්‍රදේශයට පැමිණි බව අනාවරණය වී ඇත.

ඇමැතිවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිනී ජසින්දා ආර්ඩන් වෙත මේ වන විටත් භාර දී ඇතත් පවතින අවස්ථාවේ කටයුතුවලට බාධා වන නිසා තවමත් ධූරයේ කටයුතු කරයි. එහෙත් කැබිනට් අමාත්‍ය තනතුරෙන් ඔහු පහළ දමා ඇති අතර ඔහු දැරූ සහකාර මුදල් අමාත්‍ය ධූරයෙන් ද ඉවත් කර ඇත. ඉතාම තදබල ලෙස වසා දැමීමේ නීතිය ක්‍රියාත්මක කරන නවසීලන්තය සිව්වන මට්ටමේ වසා දැමීමේ තත්ත්වයක් ක්‍රියාවේ යොදවයි.

 

නව අදහස දක්වන්න