එක් දිනක දී වැඩිම මරණ අමෙරිකාවෙන් | දිනමිණ


 

එක් දිනක දී වැඩිම මරණ අමෙරිකාවෙන්

එක් දිනකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව පසුගියදා (07දා) අමෙරිකාවෙන් වාර්තා විය. එනම් එම පැය 24 ඇතුළත මරණ 1,736ක් වාර්තා වී ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල සංඛ්‍යා දත්ත අනුව අමෙරිකාවේ සමස්ථ කොරෝනා මරණ 12,722ක් සිදුවී තිබේ. වැඩිම මරණ අනුපාතයක් වාර්තා වී තිබුණේ නිව්යෝර්ක්වලය.

කොරෝනා ආසාදිතයින් 398,000ක් සිටින අමෙරිකාව මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදනයන් ඇති රට බවට පත් වී තිබේ. කෙසේ වෙතත් මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකාව ඉහළටම පැමිණෙනු ඇති බවයි.

මේ අතර ජනප්‍රිය අමෙරිකානු ගීත රචක හා ගායක ජෝන් ප්‍රයින්ගේ පවුලේ අය ප්‍රකාශ කරන්නේ ඔහු මියගියේ කොරෝනා වෛරසයට අදාළ සංකූලතා නිසා බවයි. මිය යන විට 73 වැනි වියේ පසුවූ ප්‍රයින්ගේ බිරියට ද කොරෝනා වෛරසය ඇතැයි පරීක්ෂණවලින්

 

නව අදහස දක්වන්න