නෞකාවක අර්බුදයකට අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් අස්වෙයි | දිනමිණ

නෞකාවක අර්බුදයකට අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් අස්වෙයි

අමෙරිකාවේ යුද ගුවන් යානා රැගෙන යන යූඑස්එස් තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ ඇති වූ කොරෝනා සිද්ධිය හේතු කොටගෙන අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් තෝමස් මොඩ්ලි ඉල්ලා අස්වී තිබේ. සිද්ධිය අනාවරණය කළ කපිතාන් බ්‍රට් කොසියර් තනතුරෙන් පහ කරමින් ඔහු ගත් ක්‍රියා මාර්ග මුග්ධ සහ බොළඳ කටයුත්තක් යැයි තමන් කියූ අදහස ගැන ඔහු කණගාටුව ප්‍රකාශ කර ඇත.

මේ සිද්ධිය සම්බන්ධව තමන් මැදිහත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා දිනක් පසුවෙද්දී වැඩබලන ලේකම්වරයා ඉල්ලා අස්වී ඇත. ලේකම් මොඩ්ලි තනතුරෙන් ඉවත් වී ඇත්තේ තමාගේම කැමැත්තෙන් යැයි ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මේ අතර නිවේදනයක් සිදු කර තිබේ.

 

නව අදහස දක්වන්න