ලොව ප්‍රථම කොරෝනා චිත්‍රපටය රූගත කරයි | දිනමිණ

ලොව ප්‍රථම කොරෝනා චිත්‍රපටය රූගත කරයි

විදුලි සෝපානයක සිරවූ හත් දෙනකු සම්බන්ධ කතාවක් පදනම් කරගෙන කොරෝනා පිළිබඳ ලොව ප්‍රථම චිත්‍රපටය රූගත කරමින් පවතියි. කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂ මොස්තාෆා කේෂ්වරී මෙහි අධ්‍යක්ෂවරයාය. මේ හත් දෙනා විදුලි සෝපානයේ මෙසේ සිරවී සිටින අතරතුර එක් කාන්තාවකට කැස්ස ඇති වීම නිසා සියලු දෙනා බියට පත් වීමෙන් ඇති වන නාට්‍යමය ගැටුම මෙහි නිරූපණය වන බව අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

මේ වන විට චිත්‍රපටය රූගත කිරීම් අවසන් කර ඇති අතර ප්‍රදර්ශනය සඳහා සූදානම් ය. හොලිවුඩ් රිපෝටර් වාර්තා කරන පරිදි මේ වන මේ චිත්‍රපටයේ කොරෝනා වෛරසය නිසා මිනිසුන්ට ඇති බව විය සහ වර්ගවාදී හැඟීම් විකාශනය වන ආකාරය මැනෙවින් නිරූපණය කෙරේ. මෙහි නම “කොරෝනා“ ලෙස හැඳින්වේ.

 

නව අදහස දක්වන්න