දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය ලිහිල් කරයි | දිනමිණ

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය ලිහිල් කරයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5ට ඉවත් කරන ලදි.

අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි

කෙසේ වුව ද කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පුද්ගලයන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනිම සඳහා පිටතට පැමිණිමේ දී තමාගේ හැඳුනුම්පතේ අවසන් අංකයට අදාළව නිකුත් කර ඇති දිනයන් ඒ සඳහා යොදාගන්නා ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ ද නිරෝධායන නීති උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

නව අදහස දක්වන්න