COVID-19 ට එරෙහි සටනට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500ක් | දිනමිණ

COVID-19 ට එරෙහි සටනට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500ක්

COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගිය 11 වැනිදා කොළඹදී මේ ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රජා සත්කාරක අංශයේ ප්‍රධානී තේජා සිල්වා, එම බැංකුවේ විධායක උප සභාපති රමණිකා උනම්බුව (මානව සම්පත්), ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත්, උප සභාපති නිසජ ආර්යසිංහ (ණය අයකර ගැනීම්) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න