පාරිභෝගික සේවා සඳහා හැටන් නැෂනල් බැංකුව pick me සමඟ එක් වෙයි | දිනමිණ

පාරිභෝගික සේවා සඳහා හැටන් නැෂනල් බැංකුව pick me සමඟ එක් වෙයි

COVID19 වෛරසය පැතිර යෑමේ අවදානමත් සමඟ සේවා සපයන්නන්ගේ යෙදුම හරහා සිය පාරිභෝගිකයන්ට නොමිලේ බෙදාහැරීමේ සේවා සැපයීමට හැටන් නැෂනල් බැංකුව Pick me සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කරයි.

සියලු HNB හරපත් හා ණයපත් හිමියන්ට මේ සේවාව ලබා ගත හැකි අතර, මේ පහසුකම මගින් පාරිභෝගිකයන් PiCk me හරහා ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීමේදී උපරිම ඇණවුම් හතරක් සඳහා ඔවුන්ගේ මුළු බිල්පතෙන් හෝ බෙදාහැරීමේ ගාස්තුවෙන් රුපියල් 250ක් වට්ටමක් හිමි වේ. මේ සේවාව 2020 අප්‍රේල් 30 දක්වා වලංගු වේ.

Covid-19 වසංගතය හේතුවෙන් ඇති වන බාධාවන් අවම කිරීම සඳහා අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ඕනෑම සහායක් ලබා දීමට HNB හි අපි කැපවී සිටිමු. මෙය පෙර නොවූ විරූ ව්‍යවසනයක් වන අතර, අත්‍යවශ්‍ය සැපයුම් සඳහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමේදී ඔවුන්ට විඳීමට සිදු වන අනවශ්‍ය කරදර අවම කරන අතරම අපගේ පාරිභෝගිකයන්ගේ සුබ සාධනය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට අපට අවශ්‍යයයි මේ අසීරු කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දැක්වීමේදී ඔවුන් කරන කර්තව්‍ය වෙනුවෙන් අපගේ සහකරුවා වන pick me හට ස්තූති කිරීමට අප කැමතියි. මෙවැනි ඉතා වැදගත් කටයුත්තකට සහාය දැක්වීම පිළිබඳ අපගේ බැංකුව ආඩම්බර වනවා,‘ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සන්ජේ විජේමාන්න මහතා පැවැසීය.

නව අදහස දක්වන්න