IIT ආයතනයෙන් සා.පෙළ සහ උ.පෙළ සිසුන්ට අන්තර්ජාල සම්මන්ත්‍රණ | දිනමිණ

IIT ආයතනයෙන් සා.පෙළ සහ උ.පෙළ සිසුන්ට අන්තර්ජාල සම්මන්ත්‍රණ

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය හා Business campus, කොව්ඩ් 19 තර්ජනයට හමුවේ රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉලක්ක කරමින්, අන්තර්ජාලය මගින් සම්ම්න්ත්‍රණ පැවැත්වීමට පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 වසංගතය නිසා සමාජ දුරස්ථකරණයට රට ගෙන ඒමත් සමඟ මේ වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන සිසුහු මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටිති. පාසල් හෝ ටියුෂන් පන්ති සඳහා සහභාගිවීමට ඉඩක් නොමැතිව සිසුන්ට නිවෙස්වලට කොටුවීමට සිදු වුණු අතර, ඔවුන්ගේ ඉගෙනුමට බාධා පමුණුවමින් පාසල් වාරය අතරමඟ ඇණ හිටිණි. ජාතියේ තරුණ පරපුර වෙත නිරතුරුවම සහාය දැක්වීමට සූදානම් වගකිව යුතු ආයතනයක් ලෙසින් IIT ආයතනය, තොරතුරු තාක්ෂණ පාඨමාලා අඛණ්ඩව පවත්වමින් මේ සිසුන් විභාග සඳහා සූදානම් කිරීමට පියවර ගෙන තිබේ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ස්වකීය විශේෂඥභාවය ඉවහල් කර ගනිමින් IIT ආයතනය, තොරතුරු තාක්ෂණ විෂය අලලා අන්තර්ජාල සම්මන්ත්‍රණ මාලාවක් මෙලෙස ඉදිරිපත් කරයි.

නව අදහස දක්වන්න