කොවිඩ් 19 සහ රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡාව එලැඹෙන සඳුදා අරලියගහ මන්දිරයේ දී | දිනමිණ

කොවිඩ් 19 සහ රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡාව එලැඹෙන සඳුදා අරලියගහ මන්දිරයේ දී

චමීර ඇල්ලදෙණිය

පාර්ලිමේන්තුවේ සිටි 225 ටම ආරාධනා

“අපිට ආරාධනා නැතැ“යි කී සජිත්ට දුරකතනෙන් කියලා කෙටි පණිවිඩයකුත් යවලා

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එළැඹෙන සඳුදා (04) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන ලෙස විසුරුවා හැර ඇති 8 වන පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍යවරයා හැර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 224ටම මෙම සාකච්ඡාවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර, ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ඊට අදාළ දැනුම්වත් කිරීම සිදු කොට තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම්වරයෙකු විසින් ඉකුත් බදාදා (29) දින සවස 5.59ට පමණ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දී ඒ මහතාටම අදාළ පණිවිඩය දැනුම් දී ඇති අතර පසුව කෙටි පණිවිඩයක් (SMS) මඟින් ද අදාළ කැදවීම තහවුරු කොට ඇති බව නැවතත් අවධාරණය කෙරේ.

අපට තවම කැඳවීමක් නැහැ යනුවෙන් හිටපු විපක්ෂ නායකවරයා ජාතික පුවත්පතකට කළ අදහස් දැක්වීම ඒ අනුව අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ලෝක වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කෝවිඞ් - 19 වෛරසය ලංකාවට බලපා ඇති ආකාරය සහ වෛරසය මර්දනය කර ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම්දීම ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වෙයි.

නව අදහස දක්වන්න