චන්දන සමූහ ව්‍යපාරයෙන් වියළි සළාක | දිනමිණ

චන්දන සමූහ ව්‍යපාරයෙන් වියළි සළාක

පිළියන්දල රණවිරු සන්සදයේ සාමාජිකයන් 123 දෙනෙක් සඳහා වියලි සලාක ප‍්‍රදානය ඊයේ (01)ක විජෙසුන්දරාරාම විහාරස්ථානයේ සිදු කෙරුණි.

පිළියන්දල චන්දන සමූහ ව්‍යපාරයේ අධිපති චන්දන හදුගොඩ මහතාගේ දන පරිත්‍යාගයෙන් මෙම ප‍්‍රදානය සිදු කෙරුණි .විහාරස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත කැස්බෑවේ ඉන්දනන්ද හිමියන්ගේ අනුසාසනා මත එම කටයුතු සිදු කෙරුණි

යුද්ධයෙන් ආභාධයන්ට ලක්වූ රණවිරු කිහිප දෙනෙකු එම විහාරස්ථානයට කඳවා භාණ්ඩ ප‍්‍රදානය සිදු කෙරුණු අතර සෙසු සාමාජිකයන් හට නිවෙස්වලටම ගොස් එම ආධාර ප‍්‍රදානය කරන බව චන්දන හදුගොඩ මහතා පැවැසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩනයට පත්වූ ප‍්‍රදේශයේ පවුල් 1150 සඳහා තමන් මේ වන විටත් උපකාර කර ඇති බව දිනමිණ කළ විමසුමේ දී චන්දුල හදුගොඩ මහතා පැවැසීය.

කිත්සිරි වනසිංහ

නව අදහස දක්වන්න