ගිනි අවි ගෙන විරෝධයේ | දිනමිණ

ගිනි අවි ගෙන විරෝධයේ

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තය වසා දැමීමට විරෝධය පළ කිරීම සඳහා ගිනි අවි අතින්ගත් අයගෙන් සමන්විත විරෝධතාකරුවන් පිරිසක් එම ප්‍රාන්තයේ රාජ්‍ය මන්දිරයට කඩා වැදී විරෝධතා පවත්වා තිබේ. සිය ගණනකින් සමන්විත මේ විරෝධතාකරුවන් පිරිස ලාන්සින් නුවර විරෝධතාවයේ නිරතව සිට ඇති අතර කිහිපදෙනෙක් ගිනි අවි අත දරාගෙන සිට ඇති අතර ඇතැම් අය මුඛ ආවරණ පවා පැළඳගෙන නොසිට ඇති අතර අවශ්‍ය දුර ද තබාගෙන නොමැත.

මේ විරෝධතාකරුවන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කොට ඇතැම් අයට සභිකයන් වාද පවත්වන රාජ්‍ය මන්දිරයට ඇතුළු වී තිබේ. ආණ්ඩුකාරිනී ඩිමොක්‍රැටික් පක්ෂයේ ග්‍රේෂන් විට්මර් නිවාසවලට වී සිටීමේ පනත අනුමත කළේ අප්‍රේල් මස මුල් භාගයේ සිට මැයි 17 වැනිදා දක්වාය. මේ වන තෙක් කොරෝනා වෛරසය නිසා මිටිගන්හි 3,788ක් මියගොස් තිබේ.

නව අදහස දක්වන්න