ඇෆ්ගනිස්තානයේ ළමුන් මිලියන හතක් කුසගින්නේ | දිනමිණ

ඇෆ්ගනිස්තානයේ ළමුන් මිලියන හතක් කුසගින්නේ

ආහාර මිල ඉහළ නැඟීම නිසා ඇෆ්ගනිස්තානයේ ළමුන් මිලියන හතක් කුසගින්නේ සිටීමේ අවදානමට මුහුණ දෙන බව වාර්තා වේ. අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් පෙන්වා දෙන්නේ අන්තර්ජාතික ප්‍රජාවේ අවදානය එරට දෙසට යොමු නොවුණහොත් කුසගින්න, ලෙඩරෝග සහ මරණ කුණාටුවක් මෙන් එරට වසා පැතිරෙනු ඇති බවයි.

සේව් ද චිල්ඩ්රන් සංවිධානය පෙන්වා දෙන්නේ එරටේ ජනගහනයෙන් තුනෙන් එකක් වන මිලියන 7.3ක් වූ දරුවන් පිරිස අනාගතයේ දී ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව සාගතයකට ඉක්මනින්ම පත් විය හැකි අවදානමක් ඇති රටවල් අතර ඇෆ්ගනිස්තානය ඉහළින්ම සිටියි.

 

නව අදහස දක්වන්න