විවෘත වූ ගම්මානවල ජනතාවට දැනුම් දීමක් | දිනමිණ

විවෘත වූ ගම්මානවල ජනතාවට දැනුම් දීමක්

යළි විවෘත වූ ගම්මානවල ජනතාවගෙන් ශරීරික දුරස්ථභාවය තව දුරටත් ආරක්‍ෂා කර ගන්නා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
එම ගම්මානවල සිටි ඇතැම් අය වෙනත් ප්‍රදේශවලට යෑමේ තත්ත්වයක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි ක්‍රියාවන්ට යොමු නොවන ලෙසත් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් එම ගම්මානවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය. 
 
කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදකලා (Lockdown) කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශ යළි විවෘත කිරීමට ඊයේ(03) පියවර ගැනුනි. 
 

නව අදහස දක්වන්න