COVID 19 විදේශ ආධාර තවමත් ලැබිලා නැහැ - අගමැති කියයි | දිනමිණ

COVID 19 විදේශ ආධාර තවමත් ලැබිලා නැහැ - අගමැති කියයි

අද (04) අරලියගහ මන්දිරයේදී පැවති හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවේදී කොවිඩ් 19 වසංගත තත්ත්වයට අදාළව විදේශ ආධාර මෙතෙක් ලැබී නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.  
 
විදේශ ආධාර ලැබීම සම්බන්ධයෙන් වන කාරණය ගැන කරුණු නිවැරදිව පැවසිය හැක්කේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්.ආටිගල මහතාට වන හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලේකම්වරයාට අවස්ථාව ලබා දී ඇත. 
 
ඒ අනුව එහිදී එස්. ආර්.ආටිගල මහතා පවසා තිබෙන්නේ වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ලෝක බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 127 ක ආධාරයක් ලබා දීමට අදාළ ගිවිසුම් අත්සන් කළද මෙතෙක් එය ලැබී නැති බවයි.  
ඉදිරියේදී එය ලැබෙනු ඇති බවයි ඔහු පවසා තිබෙන්නේ. 
 
විදේශ ආධාර ලෙස ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබෙන බවද ලේකම්වරයා පවසා තිබේ. 
 
විදේශ ආධාර ලැබීම හා වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවන චෝදනාවන්ට නිසි පිළිතුරු දීමක් ලෙස එම කරුණු මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් පවසා තිබුණි. 

නව අදහස දක්වන්න