අනාථ දරුවන් මිනිස් බෝම්බවලට යොදා ගන්න සහරාන්ගේ සැලසුමක් | දිනමිණ

අනාථ දරුවන් මිනිස් බෝම්බවලට යොදා ගන්න සහරාන්ගේ සැලසුමක්

සී.අයි.ඩී විමර්ශනවලින් හෙළි වෙයි

මදුරන්කුලියේ මද්‍රසා පාසලක දරුවන් රැගෙන ගොස් සහරාන්ගේ ගෝලබාලයන් විසින් සටන් පුහුණුව ලබාදුන් මදුරන්කුලියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ.‍

එම පුහුණු මධ්‍යස්ථානයේ තිබී පොත්පත්, ලියකියවිලි රැසක් සමඟ පරිගණකයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (03) සිය බාරයට ගෙන තිබුණි.

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥවරයා සභාපතිධුරයත් ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිව සිටි කෝටිපතියන් වන ඉබ්‍රාහිම් සහෝදරයන් දෙදෙනා භාණ්ඩාගාරික සහ ලේකම් ධුරත් දැරූ එම මද්‍රසා පාසල ආරම්භකර ඇත්තේ අනාථ දරුවන් වෙනුවෙන් බව පෙන්වමින් යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ අනාථ දරුවන් මිනිස් බෝම්බකරුවන් සඳහා යොදා ගැනීමට දීර්ඝ කාලීන සැලසුමක් මෙහි ක්‍රියාත්මකවී ඇති බවය. සහාරාන් පවා මේ පාසලට පැමිණ දේශනයක් පවත්වා ඇති බවට තොරතුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

 ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න