ඉන්දියාවේ තැබෑරුම්වල දිගු පෝළිම් | දිනමිණ

ඉන්දියාවේ තැබෑරුම්වල දිගු පෝළිම්

ඉන්දියාවේ නවදිල්ලි නුවර මාර්තු 24 වැනිදාට පසු ප්‍රථම වතාවට තැබෑරුම් විවෘත කිරීමත් සමඟ ඒවටා ඉතා දීර්ඝ පෝලිම් සැදී උණුසුම් තත්ත්වයන් ඇති වී ඇති බව වාර්තා වේ. ප්‍රාන්ත ආණ්ඩුවේ ආදායමෙන් ඉතා වැඩි ප්‍රතිශතයක් මත්පැන්වලින් ලැබෙන නිසා තැබෑරුම් විවෘතව තැබීමට ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර ඇත. ඇතැම් හුදෙකලාව පිහිටි සාප්පු සහ කාර්යාල විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. කෙසේ වෙතත් දිල්ලියේ ඇතැම් තැබෑරුම්වල පෝලිම්වල උණුසුම් තත්ත්වයන් ඇති වීම නිසා පොලීසිය බොහෝ තැබෑරුම් වසා දමා ඇත.

නව අදහස දක්වන්න