ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කරයි | දිනමිණ

ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කරයි

ගුවන්  හමුදාධිපති  එයාර්  මාර්ෂල්  සුමංගල  ඩයස්  මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා  න්‍යෂ්ඨික  පුපුරණ  ද්‍රව්‍ය  සදහා  ප්‍රතිචාර  දැක්වීමේ  පක්ෂාංගය විසින්  ඊයේ(06)ගංගාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කිරිම සිදු කරන ලදි.
 
වෙසක්  පෝය  දිනය  නිමිත්තෙන්  ගංගාරාම  විහාරස්ථානය  මගින්  කෑම  පාර්සල්  6000  ක්  බෙදාදීමේ  කටයුත්තක්  සිදු  කිරිමට  නියමිතය.
 
ඒ සදහා ද ගුවන් හමුදාවේ දායකත්වය ලබා දිමට නියමිතය.  එම  කටයුත්තට  පෙර  ගුවන්  හමුදා  ජීව  විද්‍යාත්මක,  රසායනික, විකිරණශීලී  හා  න්‍යෂ්ඨික  පුපුරණ  ද්‍රව්‍ය  සදහා  ප්‍රතිචාර  දැක්වීමේ පක්ෂාංගයේ  කණ්ඩායමක්  විසින්  ගංගාරාම  විහාරස්ථානය  හා  ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කිරිම සිදු කරන ලදි.

නව අදහස දක්වන්න