ට්‍රම්ප්‍, ශ්‍රී ලංකාවට කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර සැපයීමට ඉදිරිපත්වෙයි | දිනමිණ

ට්‍රම්ප්‍, ශ්‍රී ලංකාවට කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර සැපයීමට ඉදිරිපත්වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර ලබා දීමට ඉදිරිපත් වී තිබේ.
 
අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ජනාධිපති ට්‍රම්ප්ගේ විසින් මෙලෙස ශ්‍රී ලංකාවට කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර ලබා දීමේ තීරණය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඊයේ දුරකථනයෙන් දැනුම් දී ඇත.
 
මෙම දුරකථන සංවාදය ඔස්සේ අමෙරිකා - ශ්‍රී ලාංකික මිත්‍රත්වය හා සහයෝගීතාවයේ දිගු ඉතිහාසය ගත මිතුදහම යළි තහවුරු කර තිබේ.
 
අමෙරිකාව සහ ශ්‍රී ලංකා කොවිඩ් -19 ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන් පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇති බව ජාතික ආරක්ෂක කවුන්සිලය (NSC)ට්විටර් පණිවිඩයකින් සදහන් කරයි.
 
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයේ වැදගත් අංගයක් බව බ්‍රයන් මහතා මෙහි දී ප්‍රකාශ කර තිබේ.
 

නව අදහස දක්වන්න