ජනපති ගෝඨාභය, නාස්තිකාර වියදම් නැති කිරීමට කටයුතු කරන පුද්ගලයෙක් | දිනමිණ

ජනපති ගෝඨාභය, නාස්තිකාර වියදම් නැති කිරීමට කටයුතු කරන පුද්ගලයෙක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්වූ දින සිටම නාස්තිකාර වියදම් නැති කිරීමට කටයුතු කරන පුද්ගලයෙක් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(09) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිතුමා බලයට පත්වූ පසුව කිසිම ඇමතිවරයෙකුට හෝ රාජ්‍ය නායකයෙකුට කිසිදු වාහනයක් මිලදී ගෙන නොමැති බවයි. 
 
කොරෝනා වසංගතය හේතුවෙන් අක්‍රීය වූ ජනජීවිතය නැවත යථාවත් කිරීමටත්, වෛරසය නිසා පීඩාවට පත් වූ ජනතාවට සහන ලබා දීමත් දරාගත නොහැකි වූ ඇතැම් පිරිස් ජනාධිපතිතුමාටත්, මුදල් අමාත්‍යවරයාටත්, රජයටත්, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරන බවද බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සදහන් කළේය. 

නව අදහස දක්වන්න