මඬ තර්කවලින් පලක් නැහැ ජනපතිගේ පත්වීම නීත්‍යනුකූලයි | දිනමිණ

මඬ තර්කවලින් පලක් නැහැ ජනපතිගේ පත්වීම නීත්‍යනුකූලයි

ජනාධිපති නීතීඥ අලි සබ්රි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකන් පුරවැසිභාවය ඉවත්කර ජනපති ධුරයට තරඟකිරිම හා එම ධුරට පත්විම නිත්‍යනුකූලව හා ව්‍යවස්ථානුකුලව සිදුකර ඇති බවත්,නොබෝදා නිකුත්කළ ඇමරිකන් පෙඩරල් රෙජිස්ටරය පදනම් කරගනිමින් විපක්ෂය එල්ල කරන චෝදනා නීතිය ඉදිරියේ බලශූන්‍ය ප්‍රකාශ බවත්, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිනමිණට පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි වු බවට ඇමරිකානු රාජ්‍ය2019 අප්‍රේල් 17 දින නිල වශයේන් සහතියක් නිකුත් කරමින් පිළිගත් බවත් පැවසු සබ්රි මහතා ,රාජපක්ෂ මහතා සිය ඇමරිකන් පුරවැසි භාවය ඉවත් කරන ලෙසට එරට රජයේන් කළ ඉල්ලිම හා දිවුරුම් ප්‍රකාශය පිළිගනිමින් එම සහතිකය නිකුත් කර ඇති බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලිමෙන් සති දෙකකට පසුව ඇමරිකන් රජය නිකුත් කළ“certificate of loss of nationality of the united states“සහතිකය ප්‍රකාරව නීත්‍යනුකුලව පුරවැසි භවය අහෝසි වු බවත්, එය ප්‍රසිද්ධියට පත් කිරිම ඇමරිකන් පෙඩරල් රෙජිස්ටරය(federal-register-us/108-177642) මගින් සිදුකරන බවත් එය මෙරට රජය ගැසට් නිවේදනයක් නිකුත් කිරිමක් වැනි කාර්යයක් බවත් පැහැදිලි කළේය.

එම රෙජිස්ටරය මගින් සිදුවන්නේ එරට පුරවැසි භාවයේ සිටි අයෙක් පුරවැසි භාවය අහෝසි කරගත් පසු තවදුරටත් ආදායම් බදු අයකර ගන්නා කාණ්ඩයෙන් ඉවත් කළ බවට ප්‍රසිද්ධියට පත් කිරිමක් බවත් පැහැදිලි කළ සබ්රි මහතා පුරවැසි භාවය ඉවත් කරගැනිමේ නීත්‍යනුකූල ලියවිල්ලට ඉන් කිසිදු බලපැමක් නොවන බවත් රෙජිස්ටරයේ කිසිදු නෛතික වලංගුතාවයක් ව්‍යවස්ථානුකූලභාවයට බලපෑමක් ඇති කරන ලියවිල්ලක් නොවන බවත්ය.

ජනාධිපතිවරයා නාම යෝජනා බාරදෙන අවස්ථාවේ පවා විපක්ෂය මෙම ප්‍රසිද්ධ කිරිම පිළිබඳ තර්ක ඉදිරිපත් කළ බව පෙන්වා දුන් සබ්රි මහතා ඊට යම් කාලයක් ගතවන බවට එහි දි ඇමරිකානු තානාපති කාර්යාලය පවා ප්‍රකාශයට පත්කර තිබු බවත් පැවසිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලිම හා දිවුරුම් ප්‍රකාශය පිළිගෙන පුරවැසිභාවය අහෝසි කළ බවට 2019 අප්‍රේල් 17දි න නිකුත් කළ සහතිකය නොවැම්බර් මස පැවති ජනපතිවරණයට ව්‍යවස්ථානුකූල සහතිකයක් බවට නීතිය ඉදිරියේ සනාථ වෙමින් තිබිය දි මෙසේ තර්ක ගෙනහැර පෑම විපක්ෂයේ බංකොලොත් භාවය තව තවත් පෙන්නුම් කිරිමක් බව පැහැදිලි කළ සබ්රි මහතා රට පත්ව ඇති අගාධයෙන් මුදවා ගන්නා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කරමින් ජනතාව නොමග යවා රජයට මඩ ගැසිම මේ තුලින් බලාපොරොත්තුව විය හැකි බවද කිවේය.

එම මඩ අවලාද හැර මෙම ප්‍රකාශවල කිසිදු නෛතික වලංගු භාවයක් ව්‍යවස්ථානුකූල භාවයක් හෝ සත්‍ය තාවයක් නොමැති බවද ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය ක්‍රියාදාමය දන්නා ජනතාව මේ කරුණු අවබෝධ කරගෙන ඇති බවත්,එම රජයේ ක්‍රියා පිළිවෙත් නොදන්නා ඕනැම අයකුට වුව අදාළ සහතිකය දැකිමෙන් එය අවබෝධ වන බවත් කිවේය.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න