දුම්රියේ ගමන් කිරීමට අවසර ලියාපදිංචි වූවන්ට පමණයි- දුම්රිය දෙපාර්තමේන්තුව | දිනමිණ

දුම්රියේ ගමන් කිරීමට අවසර ලියාපදිංචි වූවන්ට පමණයි- දුම්රිය දෙපාර්තමේන්තුව

අද සිට ධාවනය වන කාර්යාල දුම්රියන්හි ගමන් කළ හැක්කේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ අයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වානිජ සමන් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය ‍සේවාවන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගේ නිර්දේශ මත කළ ඉල්ලීම්වලට ආදාළව පළමු සතිය සඳහා ලියාපදිංචි කිරීම් සිදු කළ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ බවට කෙටි පණිවිඩයක් නොලැබුණු මගීන් දුම්රිය ස්ථානයට පැමණීමෙන් වළකින්නැයි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.

ලබන 18 වැනිදායින් ආරම්භ වන සතිය සඳහා ගමන්කළ හැක්කේ අද සිට 13 වැනි දා දක්වා ලියාපදිංචි වන වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

එම සතියට ආදාළව ලියාපදිචිය සිදුකළ යුතු ආකාරය පිළිබඳව තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ www.railway.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ද නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ, අදින් ඇරඹේන සතිය සඳහා කාර්යාල දුම්රිය 10 ක් යොදවා ඇති බවයි.

නව අදහස දක්වන්න