සජිත්ගේ පක්ෂයේ සභාපති හා මහලේකම් පත්කිරීම වංචනිකයි | දිනමිණ

සජිත්ගේ පක්ෂයේ සභාපති හා මහලේකම් පත්කිරීම වංචනිකයි

තනතුරු පිළිගත් මැකොස ලිපියත් බැක්ඩේට් එජාප අපේක්ෂක-ඕෂල හේරත්

ජාතික සමගි ජන බලවේගයේ සභාපති සහ මහලේකම් ධුර වංචනික ලෙස පත් කර ඇතැයි යන කාරණය එයට අදාළ නඩුවේදී ඔප්පු වුවහොත් එම පක්ෂයේ මහලේකම්ගේ අත්සනින් නිකුත් කළ සෑම නිවේදනයක් ම අහෝසි වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ අපේක්ෂක ඕෂල හේරත් මහතා පවසයි.

ජාතික සමගි ජනබලවේගයේ සභාපති සහ මහලේකම් ධුර සම්බන්ධයෙන් ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම පිළිබඳ ව 'දිනමිණ' කළ විමසීමක දී හෙතෙම මේ බව පැවසීය.

තමන් ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ රීට් පෙත්සම සම්බන්ධයෙන් ඕෂල හේරත් මහතා මෙසේ පැවසීය.

"සමගි බලවේගයේ සභාපති සහ ලේකම් තනතුරුවල නීත්‍යානුකූලභාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා කර තිබෙනවා. සමගි බලවේගය ව්‍යවස්ථාව අනුව එම පත්වීම් කළ ක්‍රමය වැරදියි. ඒ වාගේම එහි යම්කිසි වගන්ති නොසලකා හැරලා තියෙන බව හා ඒ සම්බන්ධයෙන් අනුමැතිය දෙන ලෙස ඒ අයම මැතිවරණ කොමිසමෙන් පෙබරවාරි මාසයේ දී ඉල්ලා සිටිනවා.

ඒ ගැන සභාපති, මහලේකම් පිළගත් බවට මැතිවරණ කොමිසම නිකුත් කළ අනුමැති ලිපිය 'බැක්ඩේට්' කරලා නිකුත් කරලා තියෙන්නේ. ඒ වකවානුවේ මැතිවරණ කොමසාරිස්තුමාත් ලංකාවේ ඉඳලා නෑ. මේ ගැන ඇත්ත තත්ත්වය නඩුව කැඳවන විට බලාගන්න පුළුවන්. ඇඳිරි නීති තත්ත්වයත් එක්ක නඩුව කැඳවීම කල් ගියා. අපි ඒ වෙනුවෙන් අද (11) උසාවියෙන් දිනයක් ඉල්ලනවා. උසාවියේ දී අපි කියන කාරණය ඔප්පු වුවහොත් රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජනබලවේගයේ මහලේකම් හැටියට නිකුත් කළ සියලු නිවේදන අහෝසි වෙනවා. මේක පක්ෂයෙන් දැමූ නඩුවක් නෙවෙයි. නඩු දැම්මට පස්සේ ඒ පාර්ශ්වයේ කිසිවෙක් කතා කළේ නෑ."

 

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න