ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව | දිනමිණ

ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධව ඉදිරි කටයුතු හා බඳවා ගැනිම් අණ්ඩව සිදුකිරිමට  විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබාදී  තිබේ. 
 
ඒ අනුව ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගනුලබන IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා මහතා සමග ඊයේ (11) එම අමාත්‍යාංශයේදි පැවැත්විණි.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාද මෙම සාකච්ඡාව සඳහා එක්වු අතර එහිදි ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් පුහුණුවීම් සිදුකරණ බවත් අවධාරණය කෙරිණි. පවතින තත්වය යහපත්වු වහාම ශ්‍රමිකයන් ජපානය වෙත යැවීම හා ඉදිරියේදි රැකියා අවස්ථාවන් වැඩියෙන් ලබාගැනීම සම්බන්ධවද සාකච්ඡා විය.මේවන විට ජපානයේ රැකියා සදහා තාක්ෂණික සේවාස්ථ වැඩසටහන යටතේ 100ට අධික පිරිසක් පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ජපානයේ ඉතා හොදින් රැකියාවල නිරත වී සිටින බව මෙහිදි IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා මහතා සඳහන් කළේය.
 
මෙම සාකච්ඡාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උප සභාපති නිමල් තිබ්බුටුමුනුව මහතා කාර්යාංශයේ පුහුණු, බඳවා ගැනීම් හා අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතාද එක්වූහ.  

නව අදහස දක්වන්න