ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොරෝනා පරීක්ෂණයක් | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොරෝනා පරීක්ෂණයක්

පවතින සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැහීමකට පත්විය හැකි නම් ලබන ජූනි මස පළමුවැනිදා සිට ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුවීම් නැවත ආරම්භ කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
 
ඒ ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
 
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්, ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්, පිතිකරණ පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර්, ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
ජාතික කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් නේවාසිකව කදවුරු ගත කොට පුහුණුවිම් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ඔවුන් කඳවුරු ගත කර සිටින කාලසීමාවේදී ඔවුන් PCR පරීක්ෂණවලටද ලක් කිරීමට නියමිතව ඇත.
 
කෙසේ වෙතත් පුහුණුවීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා තවත් දින 10කින් මෙම පිරිසගේම සහභාගිත්වයෙන් තවත් සාකච්ඡාවක් කැදවීමට තීරණය වී ඇත.
 
 
 
 
 

නව අදහස දක්වන්න