ජනපති ගෝඨාභයගේ පුරවැසිභාවය අහෝසි වුණේ පසුගිය වසරේ අප්‍රේල් | දිනමිණ

ජනපති ගෝඨාභයගේ පුරවැසිභාවය අහෝසි වුණේ පසුගිය වසරේ අප්‍රේල්

මහින්ද අලුත්ගෙදර

අමෙරිකානු තානාපති කාර්යාලය

යම්කිසි පුද්ගලයකු පුරවැසිභාවය අත්හළ ද ඔහුගේ හෝ ඇයගේ නම ෆෙඩරල් රෙජිස්ටරය තුළ පළවීමට යම්කිසි කාලයක් ගතවිය හැකි අතර ඒ සඳහා නියමිත කාලයක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි. පී. වැන්හෝන් මහත්මිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේ අප්‍රේල් මාසයේ දී අමෙරිකානු පුරවැසිභාවය අත්හැර තිබෙන අතර එය පසුගිය 08 වැනි දා අමෙරිකානු ෆෙඩරල් ලයිස්තුව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු එක්ස් ජනපද තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියකු නොවන බව පවසන එම තානාපති කාර්යාලය අමෙරිකානු රජය වෙත ආදායම් බදු නොගෙවන පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරන අමෙරිකානු ෆෙඩරල් රෙජිස්ටරය තුළ පැහැදිලි ලෙසම එම කාරණය සඳහන්ව තිබෙන බව ද පෙන්වා දෙයි .

යම්කිසි පුද්ගලයකු පුරවැසිභාවය අත්හළ ද ඔහුගේ හෝ ඇයගේ නම ෆෙඩරල් රෙජිස්ටරය තුළ පළවීමට යම්කිසි කාලයක් ගතවිය හැකි අතර ඒ සඳහා නියමිත කාලයක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි. පී. වැන්හෝන් මහත්මිය පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම සිදුකර තිබෙන්නේ පසුගිය 2019 වසරේ නොවැම්බර් මාසයේ 16 දා පැවති ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බවට ඇතැමුන් තුළ මතයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව සඳහන් කළේය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය 8 දා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික සමගි ජනබලවේගයේ පිරිසක් කිසියම් උත්සාහයක නිරත වන බවට වාර්තා පළවිය.

 

 

නව අදහස දක්වන්න