මනාප අංක දීම වළක්වන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් | දිනමිණ

මනාප අංක දීම වළක්වන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සදහා මනාප අංක නිකුත් කිරීම ඇතුළු මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අවදානමකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තරම් කොවිඩ් 19 වසංගතය පාලනය කර ඇතැයි සෑහීමකට පත් වෙන බවට සදහන් දිව්රුම් පෙත්සමක් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්ට ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතාට නියම කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් ආරියවංශ දිසානායක විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී රත්නායක, මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා ඇතුළු නව දෙනෙක් මෙහි වගඋත්තර කරුවෝ වෙති.

නව අදහස දක්වන්න