බිරිය සැමියාට පිහියෙන් ඇනලා | දිනමිණ

බිරිය සැමියාට පිහියෙන් ඇනලා

අරලගංවිල, විජයබාපුර පදිංචි කාන්තාවක් ඊයේ (14) අලුයම තියුණු ආයුධයකින් පහරදී සැමියා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස පහරකෑමෙන් මියගොස් ඇත්තේ අරලගංවිල, විජයබාපුර අංක 149හි පදිංචිව සිටි රොෂාන් ප්‍රේමරත්න නමැති (අවුරුදු 36)දෙදරු පියෙකි. පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇත. ඝාතනය සිදුකළ බවට සැක කරන මෙම පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ පියා අරලගංවිල පොලිසියට භාරවී ඇත. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දිඹුලාගල සමූහ

නව අදහස දක්වන්න