ලොතරැයිපත් අලෙවිය 25 වැනිදා සිට | දිනමිණ

ලොතරැයිපත් අලෙවිය 25 වැනිදා සිට

නුවන් කොඩිකාර

ලොතරැයිපත් අලෙවිය මෙම 25 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කැර තිබේ.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් ලොතරැයිපත් අලෙවිය ඇණහිට තිබූ අතර රට නැවත යථා තත්ත්වයට පත්වීමත් සමඟ අලෙවි කටයුතු ආරම්භ කිරීමට මෙ අනුව ජාතික ලොතරැයි සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල තීරණය කැර තිබේ. එම කාලය තුළ දිනුම් ඇඳිමට නොහැකි වූ ලොතරැයිපත් 5 ක දිනුම් ඇඳීම 18 වැනි දා සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කැර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති, නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි.

නව අදහස දක්වන්න