අඹ වගාකරුවෝ අසරණ වෙති | දිනමිණ

අඹ වගාකරුවෝ අසරණ වෙති

පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන හා ඒ අවට පදංචි අඹ වගාකරුවෝ මේ දිනවල අන්ත අසරණව තම අස්වනු අලෙවි කර ගැනීමට මඟක් නොමැති බවට මැසිවිලි නඟති. අස්වනු නෙළන කාලය තුළ ප්‍රදේශය පුරා ඇඳිරිනීතිය පනවා තිබීම නිසා එම අස්වනු මිලදී ගන්නට කිසිවෙක් නොපැමිණි අතර ඊටත් වඩා නියමිත කාලයට අස්වනු නෙළීමක් සිදු නොවීම හේතුවෙන් වවුලන්ගෙන් හා ලේනුන්ගෙන් වන හානියද ඉතා බහුල වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වැඩිම වගාකරුවන් පිරිසක් කරතකොලොම්බං අඹ විශේෂය වගා කර ඇති අතර ඒ සඳහා වෙළදපොළේ හොඳ ඉල්ලුමක් පැවතුනද කොරෝනා වසංගතයත් සමඟම පුත්තලම් දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරිනීතියත් සමඟම එම වගාකරුවන් හැමදෙනාම අද කබලෙන් ළිපට වැටී ඇතැයි ඔවුහු පවසති.

වෙන්නප්පුව විශේෂ සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

නව අදහස දක්වන්න