මංගල රටට ද්‍රෝහී පනත් පාර්ලිමේන්තුවට ගෙන ආ කෙනෙක් | දිනමිණ

මංගල රටට ද්‍රෝහී පනත් පාර්ලිමේන්තුවට ගෙන ආ කෙනෙක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජු ලෙස චෝදනා එල්ල වී සිටින හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාව ප්‍රාණ ඇපයට තබාගෙන ,එක්තරා ජන කොටසක දේශපාලන සහයෝගය ලබා දීම සඳහා පසුගිය මැතිවරණ සමයේ නොමිලේ ලංගම බස් රථ ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති බවත් මේ සඳහා රජයේ මූල්‍ය අනුග්‍රහය ලබාදුන්නේ යහපාලන ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා බව හිටපු ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(15) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

තවදුරටත් ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

ප්‍රජාතන්තවාදය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව මත බස් රථ ලබා දුන් බව මංගල සමරවීර මහතා පැවසුවත් එය අසත්‍යයක්. පැවති ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කළ හැකි ඇමැතිවරයෙක් බව ඔහු මේ තුළින් ඔප්පු කර තිබෙනවා. පැවති යහපාලන ආණ්ඩුවේ වීරයෝ වුනේ රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් වැනි ඇමැතිවරු. ආණ්ඩුව වැටෙන්නට නොදී ආරක්ෂා කෙළේ ඔවුන්. ඔවුන් එය රැකගත්තේ ජනතාවටත් රටටත් ආදරයක් ඇති නිසා නොවෙයි.

මංගල සමරවීර ඇමැතිවරයා සෑමවිටම රටට දෝහී පනත් පාර්ලිමේන්තුවට ගෙන ආ කෙනෙක්. විදේශ ඇමැතිවරයා ලෙස 33-1 යෝජනාව යටතේ අපේ රට ලෝකය ඉදිරියේ බලවත් අපකීර්තියට පත් කළා.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සාධාරනීකරණ කෙළේ ඔවුන්ට මූල්‍යමය වශයෙන් ඩොලර් මිලියන 480ක මුදලක් ලබාගන්නට පුළුවන් වූ පරිසරයක් ඇති වූ නිසයි.

ඒ වගේම මේ රට බෞද්ධ රටක් නොවෙයි කියන මතය දිගින් දිගටම අරගෙන යන පුද්ගලයෙක් තමයි ඔහු .මේ රටේ මහා සංඝරත්නය ඒ වගේම කාදිනල්තුමා හා සියලුම ආගම් මංගල සමරවීර හිටපු ඇමැතිවරයා විවේචනය කළා.ඒ වගේම ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කළ දේවල් නිසා එක්තරා දවසක මේ රටේ ජීවිත 300ක් නැතිවෙන්නත් , තවත් 500ක් පමණ තුවාල වෙන්නත් කාරණයක් බවට පත්වුණා.ඒවට අදාළ පරීක්ෂණ යට ගහපු තත්වයක් තිබුණා.

මේ රටට දෝහී වුණ කණ්ඩායම් වලට සහ දේශපාලන වශයෙන් අසම්මත ක්‍රම භාවිතා කළ පුද්ගලයන්ට එරෙහිව අද රටේ ස්වාධීන අධිකරණය පද්ධතියත්, පොලිසියත් ක්‍රියාත්මකව පවතිනවා. වැරදි කර ඇති සියලුම දෙනාට දඩුවම් ලබාදීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමයි.

 

නව අදහස දක්වන්න