සුවය ලැබූ ගණණ 520ක් වෙයි | දිනමිණ

සුවය ලැබූ ගණණ 520ක් වෙයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා ඇති අතර ඒ අනුව වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙකු දක්වා ඉහල යනු ඇත.
 
නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
 
තවත් වෛරස ආසාදිතයින් 406 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 935 ක් වේ. 

නව අදහස දක්වන්න