මීටර් 800 ක හෙළක දිවි ගෙවූවන්ට චීන රජයෙන් නාගරික නිවාස | දිනමිණ

මීටර් 800 ක හෙළක දිවි ගෙවූවන්ට චීන රජයෙන් නාගරික නිවාස

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මීටර් 800 ක දරුණු ප්‍රපාතයක් නිවහන කරගෙන ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ පිරිසක් වෙත ඉහළ පහසුකම් සහිත නාගරික නිවාස ලබා දීමට බලධාරීහු පියවර ගෙන තිබේ.

ඔටුලයරියර් නම් මේ ගම්මානයේ වැඩිහිටියන් සහ ළමයින් බම්බුවලින් සකස් කළ ඉණිමඟ මතින් අවදානම් ලෙස ප්‍රපාතය නඟින ආකාරය ඡායාරූපවලින් ප්‍රසිද්ධ වී තිබිණි.

දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රාදේශීය වැඩපිළිවෙළ යටතේ නවතම මහල් නිවාස 84ක් මේ අයට ලබා දී ඇත. 2020 දී දුප්පත්කම තුරන් කිරීමේ මහා සැලැස්ම යටතේ මේ පියවර ගෙන ඇත. තම සියලු අවශ්‍යතා සඳහා එම ගමේ වැසියන්ට සිය දරුවන් පවා රැගෙන යාමට ඇත්තේ අවදානම් ගමනක බව මුලින්ම අනාවරණය වූයේ 2016 වසරේ දීය. නිවාස සංකීර්ණය ඉදිකර ඇත්තේ මෙම ගම්මානයට කිලෝමීටර් 70ක් පමණ ඈතින් පිහිටි සඕජූ නම් නගරයක ය.

 

නව අදහස දක්වන්න