මත්පැන් සාදය ජයට යද්දී දෙදෙනකුට කුළු ගෙඩියකින් ගහලා | දිනමිණ

මත්පැන් සාදය ජයට යද්දී දෙදෙනකුට කුළු ගෙඩියකින් ගහලා

හොරණ, අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිගාරයක් තුළ පැවැත්වුණු මත්පැන් සාදයකදී සිදුවූ ගැටුමක් අතරතුරදී කුළු ගෙඩියකින් කළ පහරදීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇත.

පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම මේ සිද්ධියට මුල්ව ඇති බව කරන ලද විමර්ශනවලදී හෙළිව ඇති අතර, තුවාල ලැබූ තැනැත්තා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.‍ පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හොරණ පොලිසිය පවසන අතර, මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 සහ 53 සීමාවල්වල පසුවන අය වේ.

ඔවුන් කෑගල්ල සහ හෙට්ටිපොළ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

 ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල

නව අදහස දක්වන්න